08th September 2022 12:00:56 Hours
54 වන සේනාංකයේ 12 වන සංවත්සර සැමරුම වෙනුවෙන් එම සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ උපදෙස් මත එම සේනාංකයට අයත් 543 වන බලසේනාවේ භටපිරිස් තවත් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් තල්ලඩි සිට මන්නාරම පාලම දක්වා වන කලපූ තීරය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ ඩෙංගු වසංගතය පැතිරයාම වැළැක්වීමේ අවධානම අඩු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන සඳහා 54 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් සුදත් අධිකාරි, එම සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් අමිත මංගල ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් 150 දෙනෙක් සහ මන්නාරම මහ නගර සභාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් ද එක්වූහ.