Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2022 12:15:56 Hours

සුගන්ධිපුරම් පෙර පාසලේ ළමුන්ට උදෑසන ආහාරය සහ පාසල් උපකරණ පරිත්‍යාගයක්

681 වන බලසේනාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (05) දින සුගන්ධිපුරම් පෙරපාසලේ ළමුන් 20 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ උදෑසන ආහාර වේලක් පිරිනැමූහ.

යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් අතර සුහදත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම මෙම වැඩසටහන සඳහා භටපිරිස් සිය කැමැත්තෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාදුන් අතර එම දරු දැරියන්ගේ දෙමාපියන් සහ භාරකරුවන්ට ද එම අවස්ථාවේදී උදෑසන ආහාර වේල පරිත්‍යාග කරන ලදී.

එමෙන්ම, මෙම අවස්ථාවට සහභාගී වූ අනෙක් අයවළුන්ට ද උදෑසන ආහාර වේල පිරිනැමීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කරනු ලැබූහ.