08th September 2022 12:10:56 Hours
අධික වර්ෂාවත් සමඟ කඩුවෙල, බෝමිරිය ගම්මානයේ කැලණි ගඟ පිටාර ගලමින් ඇති වූ ගං වතුර තත්ත්වය හමුවේ යුද්ධ හමුදා භටපිරිස් සැප්තැම්බර් මස 5 දින සිට 6 දින දක්වා කඩිනමින් ක්‍රියාත්මක වී වැලි කොට්ට අතුරමින් තාවකාලික බැම්මක් සකස්කර ඇතිවීමට තිබූ ව්‍යසනය වළක්වාගැනීමට සමත් වූ අතර අවධානමට ලක්විය හැකි ප්‍රදේශවල සිවිල් වැසියන් කඩිනමින් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකරමින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ද කටයුතු කරනු ලැබූහ.
ඒ අනුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී අධික වර්ෂාපතනය මධ්‍යයේ බෝමිරිය ගම්මානයේ 471 ග්‍රාම නිලධාරි වසමේ ඉවුරු පිටාර ගැලීම වැළැක්වීම සඳහා වැලි කොට්ට සිය ගණනක් ගං ඉවුර දෙපස අතුරනු ලැබූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේ සම්බන්ධිකරණ කටයුතු 14 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න සහ 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු විසින් සිදුකරනු ලැබූහ. ඒ අනුව, 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී මෙම සහන සැලසීමේ සහ මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.