07th September 2022 15:15:56 Hours
අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ජංගම වෛද්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් තිරුක්කෝවිල් මූලික රෝහල් කාර්ය මණ්ඩලය සමඟ එක්ව පසුගිය අඟහරුවාදා (30) දින තිරුක්කෝවිල්, උම්රි ප්‍රදේශයේ ‘Forum to Assist children’s Education Centre’ අධ්‍යාපන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ජංගම වෛද්‍ය කඳවුරක් පැවැත්වීය.
තිරුක්කෝවිල් මූලික රෝහලේ වෛද්‍ය නිලධාරීන් 16 දෙනෙක්, හෙදියන් සහ සුළු සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 8 දෙනෙකුගේ සහයෝගය මත භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ජංගම වෛද්‍ය කඳවුරේදී සංගමන්ග්‍රාමම් ග්‍රාම නිලධාරී වසමේ වෙසෙන විවිධ රෝගාබාධවලට ගොදුරු වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැසියන් 331 දෙනෙකු පරික්‍ෂාවට ලක්කර ඔවුන් වෙත ප්‍රතිකාර සිදුකරන ලදී.
මීට අමතරව, රෝගාතුරුව සිටි සිවිල් වැසියන් විශාල පිරිසකට ඖෂධ ලබා දුන් අතර ඔවුන් අතරින් ඇතැම් පුද්ගලයින් මූලික රෝහල් සහ ප්‍රාදේශීය රෝහල් වෙත යොමුකිරීමට ද යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කරනු ලැබූහ.
24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම ගේ උපදෙස් මත මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සම්පත් ප්‍රනාන්දු, 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ජේ අමදෝරු ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු ද එක්වූහ.