Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2022 15:30:56 Hours

ඩෙංගු මර්ධන ව්‍යාපෘතියට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස්හී දායකත්වය

පවතින අයහපත් වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුකොට ගෙන ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ සහ 14 වන සේනාංකයේ භටපිරිස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සැප්තැම්බර් මස 1 දින සිට 3 දින දක්වා කාලය තුළ කොළඹ, කෑගල්ල, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හී වඩාත් අවදානම් සහිත ප්‍රදේශයන්හිදී ඩෙංගු මර්දනය කිරීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.

මෙම වසංගතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍ය බලධාරීන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රමුඛතා පදනම මත නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 165 කට අධික පිරිසක් මෙම ව්‍යාපෘතිය සඳහා සහභාගී වන ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් උපදෙස් දුන්නේය.

වෛද්‍ය නිලධාරීන් 20 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලැබූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීම වැලැක්වීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කරනු ලැබූ අතර කැලි කසල එක් වූ ස්ථාන සහ මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීමට ද යුද්ධ හමුදා සාමාජිකයින් කටයුතු කරනු ලැබූහ.