07th September 2022 16:15:56 Hours
අනුරාධපුර, රණසේවාපුර පිහිටි 21 වන සේනාංක මූලස්ථානයේ 36 වන සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් උපුල් වීරකෝන් පසුගිය බදාදා (31) දින රාජකාරි ආරම්භ කරන ලදී.
සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් උපුල් වීරකෝන් එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.
ඉන් අනතුරුව, මේජර් ජෙනරල් උපුල් වීරකෝන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී. පසුව, නව සේනාංකාධිපතිතුමන් 21 වන සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන් සතු දැක්ම පිළිබඳ නිලධාරින් සහ සෙසුනිලයන් අමතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 21 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.