Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2022 20:02:25 Hours

උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිපාලන හා භඨ නිවාසවල පවතින ගැටළු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ් වනිගසේකර පසුගිය සඳුදා (05) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් මත ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් ද සොයිසා සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් අනුර බණ්ඩාර විසින් මෙම සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලැබූහ.

මෙම සංචාරයේදී, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ් වනිගසේකර ප්‍රථමයෙන් පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ සංචාරය කරමින් රෝහල් සංකීර්ණය, එම රෝහලේ මුළුතැන්ගෙය සහ ශල්‍යාගාරයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ නිරීක්‍ෂණය කරනු ලැබූහ. ඉන් අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් 55 වන බලසේනා මූලස්ථානය සහ 15 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සංචාරය කරමින් සෙසුනිලයන්ගේ භඨනිවාස, උපකරණ ගබඩාවන්, සලාක ගබඩාවන් සහ මුළුතැන්ගෙයි පරිශ්‍රයන් නිරීක්‍ෂණය කරනු ලැබූහ.

සංචාරයේ දෙවන අදියර ලෙස, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 52 වන සේනාංක මූලස්ථානය වෙත යනු ලැබූ අතර එහිදී, භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිනැමූහ. ඉන් අනතුරුව, 52 වන සේනාංක මූලස්ථානයේ සම්මන්ත්‍රණ ශාලාවේදී භඨකාර්ය සම්පාදනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡාවක් පැවති අතර ඒ සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, සියලුම සේනාංකාධිපතිවරුන්, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරින්, බලසේනාධිපතිවරුන්, කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් ද සහභාගී වූහ.