Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2022 20:09:32 Hours

6 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් වියළි සලාක පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් සිය ත්‍යාගශීලීභාවය පෙන්නුම් කරමින් පසුගිය බදාදා (31) දින තෙරාවිල් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් පහක් වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.

භටපිරිස්හී මූල්‍ය පරිත්‍යාගයෙන් බෙදාදෙනු ලැබූ මෙම වියළි සලාක පාර්සල් පරිප්පු, සීනි, කුළුබඩු, ධාන්‍ය වර්ග, පිටි සහ සහල් වලින් සමන්විත විය. මෙම ව්‍යාපෘතිය 6 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.