Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2022 18:21:55 Hours

මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පිළිබඳ මූලික පාඨමාලා අංක 31 සාර්ථකව අවසන්

යුද්ධ හමුදා මූලස්ථානයේ මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පිළිබඳ මූලික පාඨමාලා අංක 31 අගෝස්තු මස 15 දින සිට සැප්තැම්බර් මස 01 දින දක්වා කුකුළේගඟ ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුමේ පුහුණු ආයතනයේදී පැවැත්විණි.

මෙම පාඨමාලාව සඳහා නාවික හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් 3 දෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් 2 දෙනෙක් සමඟින් නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසුනිලයන් 46 දෙනෙකු සහභාගී වූහ.

පාඨමාලාවේ දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ලුතිනන් කර්නල් පී.එස්.ජේ. ප්‍රනාන්දු විසින් දිනාගත් අතර දක්‍ෂතම සෙසුනිලයාට හිමි සම්මානය විශේෂ බලකායේ සැරයන් එච්.එම්.එස්.කේ. සෙනෙවිරත්න විසින් දිනාගනු ලැබීය.

සහතික ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රසික කුමාර සහභාගී විය. පාඨමාලාවේ සමාප්ති අවස්ථාවට උපදේශක නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.