Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2022 18:23:50 Hours

53 වන සේනාංකයේ සියලු නිළයන් සඳහා මානසික සෞඛ්‍යය පිළිබඳ වැඩසටහනක්

53 වන සේනාංකයේ සියලු නිළයන්ගේ මානසික සුවය සහ සෞඛ්‍යය පිළිබඳ වැඩසටහනක් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේදී දින පහක් පුරා පැවැත්විණි.

1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න ගේ උපදෙස් හා 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් ගේ ඉල්ලීමකට අනුව සංවිධානය කරනු ලැබූ මෙම පස්දින වැඩමුළුවට 24 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 5 වන ගැමුණු හේවා බලකාය, 3 වන ගජබා රෙජිමේන්තුව, 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 12 දෙනෙක් සහ සෙසුනිලයන් 300 දෙනෙක් සහභාගී වූහ.