05th September 2022 18:26:50 Hours
අම්පාර ප්‍රදේශයේ පිහිටි 241 වන බලසේනා මූලස්ථානය වෙත විදේශගත පරිත්‍යාගශීලියෙකු විසින් සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත එම බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින මහඔය, පියසරගම ගම්මානයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් 4 ක් වෙත ජල ටැංකි 4 ක් පරිත්‍යාග කරනු ලැබිණි.
පානීය ජල හිඟය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින එම පවුල් වල සාමාජිකයින්හට ජලය එක්රැස් කරගැනිම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. එමගින් වැඩිපුර පීඩාවට පත්වූයේ එම පවුල්වල දරුවන්ය.
මෙම අවශ්‍යතා සහිත පවුල් සඳහා පැවති ජල ටැංකි අවශ්‍යතාවයන් පිළිබඳ 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.සී. අබේකෝන් දැනුවත් වීමෙන් අනතුරුව 24 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ උපදෙස් මත විදේශගතව සිටින එතුමන්ගේ මිතුරකුගේ අනුග්‍රාහකත්වය ලබාගනිමින් එකක් රුපියල් 11,000/= ක වටිනාකමකින් යුත් ජල ටැංකි බෙදාදීමට කටයුතු කරනු ලැබිණි.