Header

Sri Lanka Army

Defender of the Nation

04th September 2022 20:59:17 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් ‘මී මැසි පාලනය’ පිළිබඳ දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ යෝජනාවකට අනුව එම බලසේනාවේ භටපිරිස්හි දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘මී මැසි පාලනය’ පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් අගෝස්තු මස 26 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පවත්වනු ලැබීය.

එහිදී, තෝරාගත් භටපිරිස් කණ්ඩායමක් සඳහා කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ වඩාත් ප්‍රචලිත අංශයක් වන මී මැසි පාලනය සහ මී පැණි නිෂ්පාදනය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සඳහා පුහුණුවක් ලබාදෙනු ලැබූහ.

22 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් හේමන්ත පෙරේරා ගේ සම්බන්ධීකරණය මත මී මැසි පාලන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම පුහුණු වැඩසටහනේදී භටපිරිස් වෙත අමතර ආදායමක් උපයා ගැනීම සඳහා විකල්ප ගෙවතු කර්මාන්තයක් ලෙස මී මැසි පාලනයට යොමුවීමේ වැදගත්කම සහ ඒ සඳහා අවශ්‍ය දැනුම මෙන්ම ප්‍රායෝගික පුහුණුවද ලබාදෙනු ලැබූහ.

එම පුහුණුව අතරතුරදී මී මැසි පාලනයට අදාළ නිවැරදි තාක්‍ෂණික ශිල්පීය ක්‍රම පිළිබඳව ප්‍රායෝගිකව පෙන්වාදෙන ලදී.

මෙම පුහුණු වැඩසටහන සඳහා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.