04th September 2022 21:02:34 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාවේ භටපිරිස්හී සම්බන්ධිකරණය හා 16 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත ‘Interact District Council Colombo 3220/21/22’ පදනමේ මූල්‍ය අනුග්‍රාහකත්වය ඇතිව පුත්තලම, මයිලන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ නර්තන පුහුණුවීම්වල නිරත සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා නර්තන පුහුණුවීම් ශාලාවක් ඉදිකරන ලදී.
මයිලන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ නර්තන පුහුණුවීම්වල නිරත සිසු සිසුවියන් සඳහා පුහුණුවීම් ශාලාවක අවශ්‍යතාවය දීර්ඝකාලයක සිට පැවති අතර, ඒ පිලිබඳව 143 වන බලසේනාවේ භටපිරිස් විසින් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එෆ් කිචිලන් දැනුවත් කිරීමෙන් පසුව, 14 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.ආර්.එන්.කේ ජයමාන්න ගේ උපදෙස් මත අඩි 40 ක දිගකින් සහ අඩි 20 ක පළලකින් සමන්විත මෙම නර්තන පුහුණුවීම් ශාලාවේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබූහ.
යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නර්තන පුහුණුවීම් ශාලාව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (2) දින පැවති උත්සව අවස්ථාවේදී පාසල් බලධාරින් වෙත භාරදෙන ලදී.
මෙම වැඩසටහන ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහනේ කොටසක් ලෙස යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදී.
මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නයේ සාමාජිකයින්, 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.පී.ජී ගමගේ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.