Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2022 19:26:00 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය 38 වැනි සංවත්සරය අභිමාවත් අයුරින් සමරයි

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 38 වන සංවත්සර දිනය එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීරගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 25 දින පැවැත්වූ අතර, එහිදී සංවත්සර සැමරුම් දිනට සමගාමීව සේනාවිධායකතුමන්ගේ උපදෙස් මත වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබූහ.

වැඩසටහන ආරම්භයේදී මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීර ඇතුළු සියලුම නිලයන්ගේ සහභාගිත්වයෙන් සෝමාවතිය පුදබිමේදී දී බෝධි පූජාමය පිංකමක් පැවැත්වූ අතර, පසුදින මහා සංඝරත්නය උදෙසා උදෑසන හීල්දානය පිරිනමනු ලැබූහ. අනතුරුව, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සියළුම යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශීර්වාද පතමින් මින්නේරිය දේවාලයේ දී දේව පූජාවක් පවත්වන ලදී.

පසුව සේනාවිධායකතුමන් විසින් පාබල පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් ඇමතීමෙන් අනතුරුව සංවත්සර සැමරුම් දින උත්සව අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කරන ලදී.

සංවත්සර සැමරුම් දිනට සමගාමීව පොළොන්නරුව මහ රෝහලේදී මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් 90 ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්ද පවත්වනු ලැබූහ.