Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2022 21:12:36 Hours

යුද්ධ හමුදා සම්බන්ධීකරණයෙන් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙනුවෙන් වියළි සලාක පාර්සල් පරිත්‍යාගයක්

කෑගල්ල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධානත්වයෙන්, තලගල ‘ශ්‍රී සිද්ධාර්ථ පදනම’ සහ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනමේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, උඳුගොඩ, හෙට්ටිමුල්ල, කොටියාකුඹුර, ගලිගමුව, අරන්දර යන ප්‍රදේශවල ආර්ථික දුෂ්කථා මධ්‍යයේ ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල් 300 කට අධික පිරිසකට වියළි සලාක පාර්සල් බෙදා දීමේ ප්‍රජාසත්කාරක වැඩසටහනක් අගෝස්තු මස 31 වන දින කෑගල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේදී සිදු කෙරිණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සම්බන්ධීකරණයෙන් 61 වන සේනාංකයට අයත් 611 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් අවශ්‍යතා සහිත පවුල් තෝරා ගැනීමෙන් පසුව මෙම පරිත්‍යාගයන් සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත උත්සවය පැවැත්වූ අතර, එහිදී බෙදාදුන් එක් වියළි සලාක පාර්සලයක වටිනාකම රුපියල් 1500.00 ක් විය. 611 වන බලසේනා මූලස්ථානයේ සහයෝගය ඇතිව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතුන්ගේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතා සහිත අඩු ආදායම් ලාභී පවුල් තෝරා ගැනීම සිදුකරන ලදී.

මෙම වැඩසටහන සඳහා පූජ්‍ය සහ පූජක පක්ෂය, 611 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක උඩෝවිට, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සම්බන්ධ වූහ.