02nd September 2022 08:46:47 Hours
ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් 13 වන සංවත්සර උත්සවය ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් ගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 13 වන දින පැවැත්විණි.
එදින, එම උත්සව අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් වෙත සපැමිණි යුද්ධ හමුදා භටකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
මෙම අවස්ථාව සංකේතවත් කරමින් මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් සහ මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් විසින් කඳවුරු පරිශ්‍රයේ රුක් රෝපණය කිරීමේ වැඩසටහනකටද එක් වූ අතර, ඉන් පසුව යුද්ධ හමුදා භටකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් සමඟින් එම අවස්ථාවට සහභාගීවූ සියළුම නිලධාරීන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ. අනතුරුව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් විසින් භටපිරිස් ඇමතීමක්ද සිදුකරන ලදී.
මෙම උත්සව අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් හි රාජකාරියෙහි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන්ද සහභාගී වූහ.