Header

Sri Lanka Army

Defender of the Nation

01st September 2022 16:19:54 Hours

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ මැයෙන් තවත් මාර්ගගත දේශණයක්

කොළඹ යුද්ධ හමුදා රෝහල විසින් මීට වසර කිහිපයකට පෙර ආරම්භකරන ලද ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතිය තවත් පියවරක් ඉදිරියට තබමින් මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ තවත් එක් දැනුවත් කිරීමේ දේශණයක් අගෝස්තු මස 31 වන දින පවත්වන ලදී.

මෙම ව්‍යාපෘතිය මගින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට යහපත් සෞඛ්‍ය චර්යාවන් වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වන දේශණ පවත්වනු ලැබේ. මර්ගගත තාක්‍ෂණය ඔස්සේ පැවති මෙම දේශණයට සහභාගී වීම සඳහා දිවයින පුරා ඇති ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක මුලස්ථාන සහ බලසේනා මූලස්ථානයන්හි සේවයේ නියුතු හමුදා සාමාජිකයන් රැසක් එක්ව සිටියහ.

එම දේශණයේදී විශේෂඥ මනෝවෛද්‍ය ලුතිනන් කර්නල් එම්.එම්.එස් කුරේ ‘දියවැඩියාව සහ එයින් වැලකීම’ යන මැයෙන් වැදගත් දේශනයක් පවත්වනු ලැබූ අතර, තවත් උපදේශකයින් කිහිප දෙනෙකු විසින් එවැනිම වැදගත් වූ දේශණ සිදුකරමින් හමුදා සාමාජිකයින් දැනුවත් කරන ලදී.