Header

Sri Lanka Army

Defender of the Nation

01st September 2022 16:23:12 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් තවත් ප්‍රජා මූලික වැඩසටහනක්

සෙල්ල කතරගම ප්‍රදේශයේ ගම්වාසීන්ගේ සහ වාරිමාර්ග කාර්යාලයේ නිලධාරීන්ගේ ඉල්ලීම මත ආරක්‍ෂක සේනා මූලස්ථාන - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ 122 වන බලසේනාවේ භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද සෙල්ල කතරගම කරවිල වැවෙහි වැව් බැම්ම පසුගිය අගෝස්තු මස 29 වන දින ගම්වාසීන්ගේ අයිතියට පත් කරන ලදී.

ප්‍රදේශයේ ගම්වාසීන් විසින් අදාල බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව කරන ලද ඉල්ලීමක් මත 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ඉංජිනේරු ශිල්පියෙකුගේ අධීක්‍ෂණය යටතේ 122 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ප්‍රදේශයේ ගම්වාසීන්ගේ සහයද ඇතිව එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.

ප්‍රතිසංස්කරණය කරන ලද වැව් බැම්ම ගම්වාසීන්ගේ අයිතියට පත්කිරීමේ අවස්ථාව සඳහා 122 වන බලසේනාවේ බලසේනාධිපති, 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී සහ ගම්වාසීන් රැසක් සහභාගී වූහ.