01st September 2022 16:26:06 Hours
පසුගිය දා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග අගෝස්තු මස 26 වන පුට්නානි පිහිටි 23 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුද කෙරිණි.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග වෙත 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
අනතුරුව මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග විසින් 23 වන සේනාංකයේ භටපිරිස් ඇමතූ අතර, උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් විසින් සියළු නිල තේ පැන් සංග්‍රහයකට එක් වූහ.
මෙම උත්සවය සඳහා 23 වන සේනාංකය යටතේ ඇති සියළුම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 23 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.