Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2022 20:08:14 Hours

මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් රවී පතිරවිතාන මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 37 වන අධ්‍යක්‍ෂ ලෙස පසුගිය අගෝස්තු මස 26 වන දින රාජකාරි භාරගන්නා ලදී.

එහිදී, බ්‍රිගේඩියර් රවී පතිරවිතාන ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.

මීට පෙර මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් මංජුල කාරියවසම් 56 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් පසුව බ්‍රිගේඩියර් රවී පතිරවිතාන මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ධූරය සඳහා පත්කෙරිණි.