Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2022 20:10:14 Hours

කමාන්ඩෝ භටපිරිස් රුධිරය පරිත්‍යාග කරයි

කොළඹ යුද්ධ හමුදා රෝහලේ රුධිර බැංකුවේ ඉල්ලීමකට අනුව ගනේමුල්ල 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය අගෝස්තු මස 26 වන දින 4 වන කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිය රුධිරය පරිත්‍යාග කළහ.

කමාන්ඩෝ බලසේනාවේ ආඥාපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චිගේ උපදෙස් මත කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයන් විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ ලේ බැංකුව වෙත සිය රුධිරය ලබාදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

රුධිරය දන්දීමේ වැඩසටහන අතරතුර බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි එම ස්ථානය වෙත පැමිණ රුධිර පරිත්‍යාගශීලීන් දිරිමත් කරන ලද අතර, රුධිර බැංකුවේ වෛද්‍ය කාර්ය මන්ඩලයේ සාමාජිකයින් විසින් කමාන්ඩෝ භටයින්ගේ පරිත්‍යාශීලීභාවය වෙනුවෙන් ස්තූතිය පුද කරන ලදී.