Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2022 20:02:18 Hours

52 සේනාංකයේ 27 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 27 වන සංවත්සර උත්සවය අගෝස්තු මස 24 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සහ ආගමික වතාවත් මධ්‍යයේ වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබුණි.

සංවත්සර උත්සවයට පෙර දින 52 සේනාංක පරිශ්‍රයේදී මහා සංඝරත්නය විසින් සේනාංකයේ රාජකාරියෙහි නියුතු සියළුම දෙනාවෙත ආශිර්වාද පතා බෝධි පූජාමය පිංකමක් පැවැත්වූ අතර, පසුදින 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු සේනාංක මූලස්ථානය වෙත පැමිනීමත් සමඟ උත්සවයේ කටයුතු ආරම්භ විය. එහිදී එම සේනාංකයේ භටපිරිස් වෙතින් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පුදකරනු ලැබූහ.

අනතුරුව, මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු විසින් සේනාංකයේ සියළුම නිලයින් අමතමින් 52 සේනාංකයේ ඉතිහාසය පිළිබඳවත් බලප්‍රදේශයේ ක්‍රියාත්මක කර ඇති ප්‍රජා මූලික ව්‍යාපෘතින් සහ පවතින සාමකාමී වාතාවරනය ඒ අයුරින්ම පවත්වාගෙන යාමේ ඇති වැදගත්කම පිළිබඳවත් සිහිපත් කරන ලදී. උත්සවය අවසානය සනිටුහන්කරමින් සියළු නිල දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි .