Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2022 20:06:32 Hours

582 බලසේනාවේ භටපිරිස් රාගම රෝහලේ ලේ බැංකුව වෙත රුධිරය පරිත්‍යාග කරයි

රාගම රෝහලේ ලේ බැංකුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව හොරණ පිහිටි 58 වන සේනාංකයේ 582 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් 104 විසින් අගෝස්තු මස 28 වන දින පැවති රුධිරය දන් දීමේ වැඩසටහනකදී සිවිල් වැසියන් සමඟ එක්ව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිය රුධිරය පරිත්‍යාග කළහ.

58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ ගේ උපදෙස් මත 582 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග කුලතිලකගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් මෙම රුධිරය දන් දීමේ වැඩසටහන හොරණ දික්හේන්පුර ‘ඉන්ඳුමතී’ ප්‍රජා ශාලාවේදී පවත්වනු ලැබූහ.

මෙම වැඩසටහනට කඩිනමින් සහය දැක්වීම වෙනුවෙන් රාගම රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය යුද්ධ හමුදාවට සිය කෘතඥතාවය පළ කළේය.