Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2022 20:04:43 Hours

1 වන බලකායේ සංවිධානයෙන් අන්තරායකර මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකීමේ වැදගත්කම පිළිබඳව දේශණයක්

1 වන බලකාය - කිලිනොච්චිය විසින් සංවිධානය කරන ලද අන්තරායකර මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකීමේ වැදගත්කම පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශණයක් පසුගිය අගෝස්තු මස 25 වන දින 1 වන බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.

එහිදී මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීමේ ඇති වැදගත්කම පිළිබඳව වැඩි වශයෙන් දැනුවත් කරන ලද අතර, එම දේශනය යුද්ධ හමුදා රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර්.එම්.එම් මොණරාගල ඇතුළු යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා ඒකකයේ සාමාජිකයන් විසින් පවත්වනු ලැබූහ.

1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න විසින් මෙම දැනුවත් කිරීමේ දේශණය සංවිධානය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර, දේශණය සඳහා 1 වන බලකා මූලස්ථානයේ සහ එම බලකාය යටතේ ස්ථාපිත යුද්ධ හමුදා සේවා ඒකකයන්හි යුද්ධ හමුදා සාමාජිකයින් 259 දෙනෙකු සහභාගී වූහ.