Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2022 09:45:25 Hours

යුද්ධ හමුදා භටපිරිස් මන්නාරමේදී නීතිවිරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

54 වන සේනාංකය යටතේ අනියුක්තව රාජකාරි කරනු ලබන බුද්ධි අංශ භටපිරිස් සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් අද (31) දින මන්නාරම මාර්ග බාධකයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.4 ක් සමඟ සිවිල් වැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිවිල් වැසියන් විසින් කැබ් රථයකින් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය තලෙයිමන්නාරමේ සිට වන්කලෙයි දක්වා ප්‍රවාහනය කිරීමට උත්සාහ කර ඇති අතර, එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් මිලියන 150 ක් පමණ වෙයි.

යුද්ධ හමුදා භටපිරිස් විසින් එම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.