Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2022 15:34:14 Hours

නව වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත අබේසිංහ වැටුප් හා ලේඛන අධ්‍යක්ෂ මණ්ඩලයේ 20 වන අධ්‍යක්‍ෂවරයා ලෙස රාජකාරි භාරගන්නා ලදී.

එහිදී, බ්‍රිගේඩියර් ප්‍රියන්ත අබේසිංහ ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී. මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර එතුමන් යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ. මීට පෙර මෙම ධූරය හෙබවූ බ්‍රිගේඩියර් පාලිත හේවාවසම් විශ්‍රාම යාමෙන් පසුව බ්‍රිගේඩියර් ප්‍රියන්ත අබේසිංහ නව වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ ධූරය සඳහා පත්කෙරිණි.