Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2022 15:50:04 Hours

යුද්ධ හමුදා භටපිරිස් නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව වෙත රුධිරය පරිත්‍යාග කරයි

කොළඹ රාජකීය විද්‍යාලයේ රතු කුරුස සමාජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 270 දෙනෙකු ඉකුත් සිකුරාදා (26) දින නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිය රුධිරය පරිත්‍යාග කළහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස්වලට අනුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 සේනාංකයේ සහ එම බලප්‍රදේශයේ ස්ථාපිත රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජනය කරමින් සම්බන්ධ වූ භටපිරිස් රුධිරය පරිත්‍යාග වැඩසටහනට දායකත්වය දක්වමින් රුධිරය පරිත්‍යාග කරන ලදී.

මෙම කටයුත්ත වෙනුවෙන් රාජකීය විද්‍යාලයේ රතු කුරුස සමාජය විසින් යුද්ධ හමුදාවට සිය කෘතඥතාව පළ කළේය.