29th August 2022 18:46:03 Hours
පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ ඉකුත් බදාදා (24) දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය. එහිදී යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් රුක්‍ෂාන් කන්නන්ගර විසින් යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ සමස්ත කාර්යභාරය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් සිදු කරන ලදී.
මෙම සංචාරයේදී පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ විසින් යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ සියලු නිලයින් ඇමුතු අතර එම අවස්ථාව සඳහා එම පුහුණු පාසලේ සේනාවිධායක සහ සියලුම මාණ්ඩලික නිලධාරීන් ඇතුලු උපදේශකයින් සහභාගී වූහ. පසුව එතුමන් පනාගොඩ කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය.