Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2022 18:52:38 Hours

නැගෙනහිර භටපිරිස් පරිත්‍යාගශීලියෙකුගේ සහය ඇතිව විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 100 ක් සඳහා වියලි සලාක පාර්සල් සහ ශබ්ද කෝෂ ලබා දෙති

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල ප්‍රදේශයේ, දෙහිඅත්තපිටිය යාය, ජයමුතුගම සහ යාය 03 යන ප්‍රදේශවල පදිංචි අඩු ආදයම්ලාභි පවුල් 100 ක් සඳහා වියලි සලාක පාර්සල් සහ එම ප්‍රදේශවල තෝරාගත් පාසල් ළමුන් 100 දෙනෙකු වෙත ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂ ප්‍රදානය කිරීමේ උත්සවයක් ඉකුත් සෙනසුරාදා (27) දින අරලගංවිල මහවැලි සංස්කෘතික ශාලාවේදී පවත්වන ලදී.

එහිදි ප්‍රතිලාභීන්ට රුපියල් 5000.00 බැගින් වූ වියළි සලාක පාර්සල් 100 ක් සහ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම නගාසිටුවීම සඳහා රුපියල් 2500.00 ක වටිනාකමකින් යුත් ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂ 100 ප්‍රදානය කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ගම්පහ ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් දක්වන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 23 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවන්ත කුලතුංග, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් එම්.කේ.එස්.පී ජයසිංහ සහ සිවිල් සම්බන්ධීකර කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකාරක සහ සිවිල් සම්බන්ධීකරන නිළධාරී, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.