29th August 2022 15:58:39 Hours
වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුබුදුගම ප්‍රදේශයේ වගුරු බිම්ක පසුගිය සිකුරාදා (26) දින අලුයම හදිසියේ ඇතිවු ලැව් ගින්නක් මැඩපැවැත්වීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 141 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සමත්වූහ. ඒ සඳහා නාවික හමුදාව, ගම්පහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද සහයෝගය හිමිවූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් මත වේගයෙන් පැතිර යමින් තිබූ ගින්න භටපිරිස් විසින් ජල බවුසරයක්, ගිනි නිවන රථ දෙකක් සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් දෙකක් ද යොදා ගනිමින් සම්පූර්ණයෙන්ම මැඩ පවත්වන ලදී. ඒ සඳහා ගම්පහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහයෝගය හිමිවූහ.
ලැව් ගින්න පසු දින උදෑසන වනතුරුත් පැවතියද, එදින සවස් වනවිට භටපිරිස් විසින් එය සම්පූර්ණයෙන්ම මැඩ පවත්වන ලදී. ලැව් ගින්න හේතුවෙන් මුළු ඉඩමේ අක්කර 80 ක පමණ ප්‍රමාණයකට හානි සිදුවී ඇත.