Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2022 15:53:46 Hours

උසස්වීම් ලැබු මේජර් ජෙනරල් විපුල ඉහළගේ වෙත 58 සේනාංකයේ ගෞරවාචාරය

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පසුගිය දා නිල ලාංඡන පැළදී පුත්තලම පිහිටි 58 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහලගේ වෙත 58 සේනාංකය විසින් අගෝස්තු මස 24 දින හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් සංවිධානය කරනු ලැබීය.

සේනාංක මූලස්ථානය වෙත සැපැමිණි මේජර් ජෙනරල් විපුල ඉහළගේ වෙත ප්‍රධාන දොරටුව අභියසදී විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. අනතුරුව, සරඹ භූමියේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකරනු ලැබූහ.

ඉන් අනතුරුව 58 සේනාංකයේ භටපිරිස් ඇමතු මේජර් ජෙනරල් විපුල ඉහළගේ සියලු නිලයින් සමඟ තේපැන් සංග්‍රහයකට ද එක් විය.

මෙම ගෞරවාචාර පුදකිරිමේ උත්සව අවස්ථාව සඳහා 58 සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, 58 සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.