29th August 2022 12:33:12 Hours
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘ආධුනික දිය පන්දු තරඟාවලිය – 2022’ තරඟාවලිය පසුගිය සෙනසුරාදා (22) වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේදී පැවැත්විය.
එම තරඟයේදී පිරිමි විවෘත කණ්ඩායම් ශූරතාවය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජය කරමින් ලබාගන්නා ලදී.
එහිදී 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබල ආර්.ඩබ්ලිව්.අයි.එස් විමලසිරි විවෘත අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා විය.
යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටු සභාපති ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් ජයග්‍රාහී ක්‍රීඩකයන් වෙත සිය සුබ පැතුම් එක් කළේය.