28th August 2022 10:28:48 Hours
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසල, ඉංජිනේරු සේවා පුහුණු පාසල, හමුදා හෙද විදුහල, ඉදිරි නඩත්තු ප්‍රදේශය - උතුරු මැද, ඉදිරි නඩත්තු ප්‍රදේශය - මුලතිව් හි පාලන හා පහුණු අංශ පිළිබඳ අධීක්‍ෂණය කිරීම සඳහා නිරීක්‍ෂණ සංචාරයක නිරත වූහ.
නිරීක්‍ෂණ සංචාරයේදී, මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් විසින් එම පුහුණු පාසල් වල පරිපාලනමය සහ තවදුරටත් සංවර්ධනය කල යුතු අංශයන් පිළිබඳව වැඩි දුරටත් සොයාබැලූ අතර, නිසි ප්‍රමිතීන්ට අනුකූල එලදායි සහ කාර්යක්‍ෂම ලෙස යුද්ධ හමුදා භටපිරිස්හි වෘත්තීය දැනුම සහ නිපුනත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳවද එහිදී සාකච්ඡා කරන ලදී.
මෙම ක්‍ෂේත්‍ර සංචාරයේදී මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් විසින් පුහුණු පාසල් සහ ඉදිරි නඩත්තු ප්‍රදේශයන්හි ප්‍රමිතීන් ඉහල නංවමින් ගුණාත්මක සේවාවාක් ලබාදීම සදහා වැඩිදියුණු කල යුතු අංශයන් පිළිබඳව අවධානය යොමු කරමින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.