Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2022 10:36:36 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය භටපිරිස් සම්බන්ධීකරණයෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය භටපිරිස් සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතිය නගා සිටුවීමේ ව්‍යපෘතියේ තවත් එක් ප්‍රජා මූලික වැඩසටහනක් ලෙස පේදුරුතුඩුව, පුලෝලි - බටහිර ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ නිවසක් නොමැතිව දිවි ගෙවන පවුලක් වෙනුවෙන් පරිත්‍යාගශීලි කාන්තාවකගේ මූල්‍යමය දායකත්වය මත නව නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

යාපනය අර්ධද්වීපයේ නිවෙස් නොමැතිව සිටින පවුල් වෙනුවෙන් නිවාස ලබාදීමේ ප්‍රජා සත්කාරක ව්‍යපෘතියක් ලෙස යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන ප්‍රජා මූලික වැඩසටහනට සමගාමීව මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පුලෝලි - බටහිර පදිංචි ජයරූබන් නන්දනී මහත්මිය සඳහා නව නිවසක් ඉදිකිරීමට සඳහා පසුගිය බදාදා (24) දින මුල්ගල තබන ලදී.

පේදුරුතුඩුව බටහිර පුලෝලි ප්‍රදේශයේ පදිංචි ජයරූබන් නන්දනී මහත්මිය දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවමින් සිටි අතර, එම තත්ත්වය පිළිබඳ දැනුවත් වූ ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය භටපිරිස් ඔවුන්ට උපකාර කිරීමේ අරමුණින් නව නිවසක් ඉදිකරදීම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් විදේශගතව සිටින ෂීලා එමානුවෙල් මහත්මිය විසින් අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.

551 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහ ගේ අධීක්‍ෂණය මත එම බලසේනාවේ භටපිරිස් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම සපයන ලදී. මුල්ගල තැබීමේ උත්සවය අවසානයේදී මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් එම පවුලේ සාමාජිකයින් වෙත වියළි සලාක පාර්සල් ප්‍රදානයක්ද සිදුකරන ලදී.

එම උත්සව අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති, ආරක්ෂක සේනා මූලස්ථානය- යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 551, 552 සහ 553 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් පිරිසක්ද සහභාගී වූහ.