Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2022 10:45:10 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය ප්‍රදේශයේ ප්‍රජා මූලික ව්‍යපෘතින් කීපයක් ජනතා අයිතියට.

යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය සංචාරය අතරතුර යුද්ධ හමුදා භටපිරිස් සිවිල් ජනතාවට විවේකීව විනෝදාස්වාදය ලබාගැනීම සඳහා ඉදිකරන ලද ‘Harmony Theme Park’ ප්‍රජා මූලික ව්‍යපෘතිය ජනතා අයිතියට පත්කරන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් ලබාදුන් උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ආසන්නයේ පිහිටි සුප්‍රසිද්ධ ‘ටී - මංසන්ධිය’ අසල මෙම ‘Harmony Theme Park’ ඉදිකර ඇත.

මුහුදු වෙරළට මුහුණලා ඉදිකර ඇති ‘Harmony Theme Park’ හි විවේකීව ගතකිරීමට සහ ගිමන් හැරීමට බංකු, ඇවිදීමේ මංතීරු, එළිමහන් ශාරීරික ව්‍යායාම උපකරණ සහ ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය උපකරණ යනාදීයෙන් සමන්විත වන අතර, එමගින් විවේකීව සිටින අවස්ථාවලදී ළමුන්ට සහ වැඩිහිටියන්ට එම පහසුකම් එකසේ භාවිතා කළ හැකි විවේකී නිදහස් පරිසරයක් නිර්මාණය කර ඇත. යුද්ධ හමුදා භටපිරිස් විසින් සිය තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින් සහ යාපනය මහනගර සභාව සහ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම උද්‍යානය ඉදිකර ඇත.

එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ අරාධනය මත යුද්ධ හමුදාව සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව අතර සුහදතාවය සහ සංහිඳියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් ඉදිකරන ලද ‘Harmony Theme Park’ හි සමරු ඵලකය නිරාවරණය කර එය ජනතා අයිතියට පත්කරන ලදී. අනතුරුව උද්‍යන පරිශ්‍රයෙහි නිරීක්‍ෂණය චාරිකාවක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් මෙමගින් ප්‍රදේශයේ සිවිල් ජනතාවට වන සේවය අඟය කරමින් මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර වෙත සිය ප්‍රශංසාව පල කළේය.

ඉන් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් වසර ගණනාවක් මුළුල්ලේ නිසි බලධාරියෙකුගේ අවධානයකට ලක් නොවී භාවිතයට නොගෙන තිබූ කඩ්ඩුවාන් - පලාලි මාර්ගය අළුත්වැඩියා කිරීමෙන් පසුව නැවත විවෘත කිරීමේ අවස්ථාවටද එක් වූහ. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ ඉංජිනේරු ශිල්පීන් සහ භටපිරිස් විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ එක්ව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් ලබාදුන් උපදෙස් මත කෙටි කාලයක් තුළදී මාර්ගය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා පේදුරුතුඩුව මහනගර සභාවේ නගරාධිපති, පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම්, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, ප්‍රාදේශීය මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, පළාත් පාලන ආයතන නිලධාරීන්, යුද්ධ හමුදා නිලධාරීන්, සිවිල් වැසියන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.