26th August 2022 13:38:19 Hours
නා උයන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය අගුළුගමුවේ ආරියනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් යුතුව, නා උයන බෞද්ධ සංගමයේ කමිටු සාමාජිකයින්ගේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් අම්පාර ප්‍රදේශයේ විවිධ ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 2000 ක් අතර වියළි සලාක පාර්සල් සහ අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන් කීපයක් පසුගිය සෙනසුරාදා (20) දින පවත්වන ලදී.
ඉන් එක් වැඩසටහනක් 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගමගේ උපදෙස් මත 241 වන සහ 242 වන බලසේනාවන්හි ද සහයෝගය ඇතිව දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ පැවැත්වූ එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහභාගි වූහ.
ඊට සමගාමීව, දීඝවාපිය සිංහල පාසල් පරිශ්‍රයේ පැවති උත්සවය සඳහාද සිංහල, දමිළ සහ මුස්ලිම් යන ජන කොටස්වල විවිධ ආර්ථික දුෂ්කරථා සහිත පවුල්වල සාමාජිකයන් සහභාගී වූ අතර, එම වියළි සලාක පාර්සල් ලබාගැනීමට පැමිණ සිටි ප්‍රතිලාභීන් අතර ගැබිණි කාන්තාවන් 200 ක්ද වූහ. එම ප්‍රජා මූලික වැඩසටහන සඳහා අවශ්‍ය වියළි සලාක පාර්සල් සහ ලිපි ද්‍රව්‍ය ඇසුරුම් දීඝවාපිය විහාරස්ථානය සහ ලාහුගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලැබී තිබුණි.
එහිදී, රුපියල් මිලියන 10 කට වැඩි වටිකානමකින් යුත් ලිපි ද්‍රව්‍ය තොගයක්, එකක වටිනාකම රු.5000.00 බැගින් වූ ලිපි ද්‍රව්‍ය පාර්සල්, දීඝවාපිය සහ නීලගිරිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලින් තෝරාගත් අවශ්‍යතා සහිත පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 400 දෙනෙකු වෙත පරිත්‍යාග කරන ලදී.