26th August 2022 07:19:39 Hours
1 වන බලකාය යටතේ ස්ථාපිත 53 වන සේනාංකයට අයත් 532 බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් සඳුන්පුර, මාවනගම, හේනානිගල, බඹරවාන සහ පුස්සලවින්න යන ප්‍රදේශයන්හි විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 35 ක් අතර වියළි සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (21) දින ක්‍රියාත්මක කරන ලදී.
532 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ‘යුතුකම’ පුණ්‍යායතනයේ සහ තවත් පරිත්‍යාගශීලීන් පිරිසකගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ලබාදුන් එම වියලි සලාක පාර්සල් විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් අතරේ බෙදා දෙන ලදී.
මෙම වැඩසටහන සඳහා 532 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුමාල් වික්‍රමසේකර, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පරිත්‍යාගශීලීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.