Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2022 07:21:27 Hours

54 වන සේනාංකයේ භටපිරිස් සම්බන්ධිකරණයෙන් පාසල් සිසු සිසුවියන්ට පාසල් උපරකණ බෙදාදෙති

54 වන සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධිකරණයෙන් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (22) දින ඉලුප්පකඩවයි මහා විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. එහිදී ඉලුප්පකඩවායි, අන්තෝනිපුරම් සහ මුන්දම්පිඩ්ඩි ප්‍රදේශයන්හි ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 50 ක් අතරේ ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සඳහා පාසල් උපකරණ බෙදාදෙන ලදී.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකරගේ ඉල්ලීමක් මත, ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාමට නාවල කොස්වත්ත ප්‍රදේශයේ පරිත්‍යාගශීලින් වන රොමේෂ් මහතා සහ මිචෙල් උබයසිරි මහත්මිය විසින් අවශ්‍ය පාසල් උපකරණ සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්ව දක්වන ලදී.

මෙම වැඩසටහන සඳහා 542 වන බලසේනාවේ බලසේනාධිපති, 54 වන සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරී, 12 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සහකාර පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ, විදුහල්පතිවරුන් සහ ගුරුවරුභවතුන් එක්ව සිටියහ.