24th August 2022 19:45:13 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ මේජර් ජෙනරල් සුදත් රත්නායක පසුගිය අඟහරුවාදා (23) දින දියතලාව ආරක්‍ෂක සේනා මූලස්ථාන - මධ්‍යම පිහිටි ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම, නව ආඥාපති ලෙස ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගන්නා ලදී.
ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම වෙත සපැමිණි මේජර් ජෙනරල් සුදත් රත්නායක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සුදත් රත්නායක මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක්ද රෝපණය කරන ලදී.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූළව පැවති එම උත්සව අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.
මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි සිදුකළ මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව මේජර් ජෙනරල් සුදත් රත්නායක මෙම ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. මීට ප්‍රථම මේජර් ජෙනරල් සුදත් රත්නායක ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ලෙස රාජකාරි සිදුකළේය.