24th August 2022 19:30:13 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ සංකල්පයකට අනුව සහ මගපෙන්වීම මත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේද සහයෝගය ඇතිව නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයන් හට නව නිවාස පහක් ඉදිකර දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සහ 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මුල්‍ය ආධාර මත ඉදිකරන ලද නව නිවස පසුගිය සඳුදා (21) දින නිකවැරටිය, රස්නායකපුර පදිංචි 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයෙකු වෙත නව නිවසේ යතුරු සංකේතාත්මකව ප්‍රදානය කිරීමෙන් අනතුරුව චාරිත්‍රානුකූලව නව නිවස නිවාසලාභීන් වෙත පවරා දෙන ලදී.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහභාගි වූ මෙම උත්සව අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් අනුර අබේසිංහ, 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්ඒඑස්ආර් රණසිංහ, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.