Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2022 20:00:13 Hours

යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් ‘අපේක්‍ෂා’ රෝහලේ රෝගීන්ට තැඹිලි වතුර සංග්‍රහයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා තැඹිලි වතුර ලබා දීමේ වැඩසටහනක් පසුගිය සදුදා (22) වන දින පවත්වනු ලැබූහ.

14 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු ගේ උපදෙස් මත එම බලසේනාවේ සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින්ගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලද අතර, රෝහලේ සිටින සියලුම පිළිකා රෝගීන්ට සංග්‍රහ කිරීමේ අරමුණින් තැඹිලි ගෙඩි 2000 ක් පිරිනමන ලදී.

එම අවස්ථාව සඳහා 144 වන බලසේනාවේ බලසේනාධිපති, 144 වන බලසේනාවේ සහ 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් සහ අපේක්‍ෂා රෝහලේ පරිපාලන අධ්‍යක්‍ෂවරයා ද සහභාගී වූහ.