24th August 2022 19:00:13 Hours
අම්පාර සටන් පුහුණු පාසලේ (CTS) 44 වන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් ආර්.පී රුවන් මුනිපුර පසුගිය සඳුදා (22) දින අම්පාර සටන් පුහුණු පාසලේදී රාජකාරි භාරගන්නා ලදී.
අම්පාර සටන් පුහුණු පාසල වෙත සපැමිණි බ්‍රිගේඩියර් ආර්.පී රුවන් මුනිපුර වෙත එම පුහුණු පාසලේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිිරිනැමූ අතර, අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය.
පසුව, නව ධූරයේ රාජකාරි භාරගත් සේනාවිධායකතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කල අතර, එම අවස්ථාව සඳහා අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් ඒ.කේ.සී.එස් ද සිල්වා, එම පුහුණු පාසලේ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.