Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2022 07:22:28 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා මාධ්‍ය පිළිබඳ දැනුවත් කිරිමේ දේශණයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ ඒ යටතේ පාලනය වන සේනාංක, බලසේනා සහ බලඇණිවල සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සමාජයට සහ යුද්ධ හමුදාවට මාධ්‍ය වෙතින් සිදුවන බලපෑම් සහ එහි වාසි අවාසි පිළිබඳව සම්මන්ත්‍රණක් අගෝස්තු මස 12 සහ 13 යන දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ ආරාධනයකට අනුව දේශණය සිදුකිරීම සඳහා සපැමිණි යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා විසින් “සමාජයට සහ යුද්ධ හමුදාවට මාධ්‍ය වෙතින් සිදුවන බලපෑම් සහ එහි වාසි අවාසි” යන තේමාව ඔස්සේ මෙම දේශණයේදී යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.

මෙම දේශණයේදී සීඝ්‍ර ඩිජිටල්කරණය, සන්නිවේදනය, මාධ්‍යවල විවිධ බලපෑම්, සමාජ මාධ්‍ය භාවිතය, සාවධ්‍ය තොරතුරු සහ නිවැරදි තොරතුරු, මාධ්‍ය කරණයේ නවීන ප්‍රවණතා සහ ඒ තුළින් රටට සහ හමුදාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව දැනුවත් කරන ලදී. තවද, ජාත්‍යන්තර බලපෑම්, මාධ්‍යයේ ධනාත්මක සහ ඍණාත්මක පැතිකඩයන්, මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරීත්වය, ප්‍රජාව ඉලක්ක කරගත් ව්‍යාපෘති සහ බලපෑම, ඥාණාන්විත සංනිවේදන කුසලතා, ප්‍රවෘත්ති රැස්කිරීමේ ක්‍රියාවලිය, මාධ්‍යය ආචාර ධර්ම සහ සදාචාරාත්මක හැසිරීම යනාදිය කරුණු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට බදුන් කරමින් යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.

මෙම තේමාව ඔස්සේ නිලධාරීන් සඳහා පැවැති දේශණය සඳහා සේනාංක සහ බලසේනා නියෝජනය කරමින් නිලධාරීන් 30 දෙනෙකු පමණ සහභාගී වූ අතර, මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ ද එම දේශණයට නිලධාරීන් 40 දෙනෙකු පමණ සහභාගී වූහ. සෙසුනිලයින් සඳහා පැවැති දේශණය සඳහා 120 දෙනෙකු ද මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ 200 කට ආසන්න පිරිසක් සහභාගී වූහ. මෙම සැසි දෙක අවසානයේ දේශණයට සහභාගී වූවන් සඳහා ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරිමට ද අවස්ථාවක් හිමිවිය