24th August 2022 07:17:26 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් ලබාදුන් මාර්ගෝපදේශ මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රියාත්මක “ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022 අගෝස්තු මස 18 දින කොස්ගම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන “ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025” යන විෂය පිළිබඳ අධ්‍යයන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ඉදිරි දර්ශණ හා සැලසුම් ක්‍රියාත්මක කිරිමේ අංශයේ කර්නල් කේ.ටී.ආර්.බී කොඩිප්පිලි විසින් මෙහෙයවන ලදී.
යුදමය වාතාරණයකින් අනතුරුව සාමය සඳහා වූ වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා ආයතනික වශයෙන් සිදුකළ යුතු වෙනස්කම්, එමෙන්ම පැමිණිය හැකි අනාගත අභියෝගයන් සඳහා ඇති සූදානම පිළිබඳ මෙම දේශණයේදී සාකච්ඡාවට භාජනය විය.
තවද, වෘත්තීය සැලසුම් ක්‍රියාවලිය, ආයතනික වශයෙන් සිදුකල යුතු සංවර්ධන ක්‍රියාවලීන්, බුද්ධි අංශයන් සවිබල ගැන්වීම යන කරුණු මෙම දේශණයේදී තව දුරටත් සාකඡ්චා කෙරිනි.
මෙම සැසිවාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ,නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.