23rd August 2022 19:43:13 Hours
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත තලගල සුමනරතන හිමි ප්‍රමුඛ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනම වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත මන්නාරම දිස්ත්‍රික්කයේ පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන සිවිල් වැසියන් 130 දෙනෙකු වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (19) දින තච්චනමරමඩු මහජන ශාලාවේ පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ විසින් තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම වෙතින් සිදුකරන ලද ඉල්ලීමක් මත ලබාදුන් එම වියළි සලාක පාර්සල් 652 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව වනසේකර සහ 653 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාමල් සේරසිංහගේ අධීක්‍ෂණය යටතේ, එම බලසේනාවන්හි භටපිරිස් සහ 24 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.
65 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ හා පරිත්‍යාගශීලී ආයතනවල නියෝජිතයින්ගේ ගේ සහභාගීත්වයෙන් පැවති එම ප්‍රජා මූලික වැඩසටහනේදී පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 5 ක්, පරිප්පු කිලෝග්‍රෑම් 1 ක්, සීනි කිලෝග්‍රෑම් 1 ක්, තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1 ක්, ටින් මාළු ටින් 1 ක් සහ සෝයා මීට් පැකට් 1 ක් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ගෙන් සමන්විත වූ රුපියල් 7500 ක වටිනාකමකින් යුත් වියලි සලාක පාර්සල් පරිත්‍යාග කරන ලදි.
දකුණ ප්‍රදේශයේ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම මගින් රට පුරා සිටින අවශ්‍යතා සහිත අඩු ආදායම් ලාභී සිවිල් වැසියන් වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් යුතුව වියලි සලාක පාර්සල් බෙදාදීමේ ප්‍රජා මූලික වැඩසටහන් දියත්කරනු ලබයි.
මෙම වැඩසහන සඳහා 653 සහ 652 බලසේනාවේ බලසේනාධිපතිවරුන්, සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම පරිත්‍යාගශීලී ආයතන නියෝජනය කරමින් එහි නියෝජිතයින් ද එක්ව සිටියහ.