Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2022 19:31:59 Hours

652 බලසේනාවේ භටපිරිස් සම්බන්ධිකරණයෙන් පාසල් සිසු සිසුවියන්ට පාසල් බෑග් බෙදාදෙති

652 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධිකරණයෙන් කඳාන ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු වන එරංග ජයකොඩි මහතා විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී. එහිදී නඩ්ඩන්කන්ඩාල් සහ මුනිමුරුප්පු යන ග්‍රාම නිලධාරී වසම්වල ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 48 ක් අතරේ පාසල් බෑග් බෙදාදෙන ලදී.

10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (19) දින නඩ්ඩන්කන්ඩාල් GTM පාසලේ සහ මුන්නිමුරුප්පු ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් එම ප්‍රජා මූලික වැඩසටහන පවත්වන ලදී.

මෙම වැඩ සටහන සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ, 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව වනසේකර, 652 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්ද එක් වූහ.