24th August 2022 07:11:03 Hours
513 බලසේනාව, 11 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළකාය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් බොහෝ පිරිසක් ප්‍රතිකාර ලබන තෙලිප්පලෙයි රජයේ රෝහලේ පවතින රුධිර හිගයට පිළියමක් ලෙස රුධිර සංචිත රැස්කිරිමේ අරමුණින් මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනට දායකත්වය දක්වන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ 51 සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 513 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මොහොමඩ් රාසික්ගේ අධීක්‍ෂණය යටතේ ඉකුත් සෙනසුරාදා (20) දින පැවැති මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන තෙලිප්පලෙයි රුධිර බැංකුවේ වෛද්‍ය ආර්.එම්. ගුරු සහ කාර්යමණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.
මෙම රුධිර පරිත්‍යාග ව්‍යාපෘතිය තුළින් රුධිර බැංකුව වෙත ලේ පයින්ට් 84කට වැඩි ප්‍රමාණයක් එක්රැස් කරගැනීමට හැකිවිය.
කාළිණ අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාව සිදුකළ රුධිර පරිත්‍යාගය වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය බලසේනාධිපතිතුමන්ට ස්තූතිය පුද කළහ.