22nd August 2022 18:43:49 Hours
මෑතකදී උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් තුසිත සිල්වා, කොස්ගම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස ඉකුත් බදාදා (17) දින පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි ගත්තේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයට සපැමිණි මේජර් ජෙනරල් තුසිත සිල්වා වෙත එම මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. අනතුරුව එතුමන් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සඡ්ඣායනා මධ්‍යයේ, සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරන ලදී.
එම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ. මේජර් ජෙනරල් තුසිත සිල්වා නව ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ පුහුණු පරීක්‍ෂක ලෙස රාජකාරි සිදුකළේය.