Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2022 18:42:10 Hours

යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ සහය ඇතිව නාවලපිටිය නගරයේ අවහිරවූ අපද්‍රව්‍ය ජල ප්‍රවාහන පද්ධතිය යතා තත්ත්වයට

ගම්පොල අටබාගේ පිහිටි යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය ඉකුත් බදාදා (17) දින නාවලපිටිය නගරයේ අවහිරවූ ජලාප්‍රවාහන පද්ධතිය එම ප්‍රදේශයේ නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් සේවාදායකයින්ගේ සහය ඇතිව යතා තත්ත්වය පත්කරන ලදී.

අධික වර්ෂාව හේතුවෙන් කාණු පද්ධතිය අවහිර වී වැසි ජලය ගමන් කිරීම අවහිර වූ අතර, එය හන්ග්‍රන් ඔයේ ජල පොම්ප කිරීමේ සහ පවිත්‍ර කිරීමේ මධ්‍යස්ථානයට ඉතා ප්‍රබලව බලපෑ අතර, මෙම තත්ත්වය හමුවේ යුද්ධ හමුදාවේ සහය ලබා ගැනීමට ජලප්‍රවාහන මණ්ඩලයට සිදු විය.

මෙම අවශ්‍යතාවය පිළිබඳ ගම්පොල ප්‍රදේශයේ අදාළ බලධාරීන් විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ දැනුවත් කිරීමෙන් අනතුරුව එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ විසින් ලබාදුන් උපදෙස් මත මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් සිදුකරන ලදී.