Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2022 18:44:23 Hours

කිලිනොච්චි සිසු සිසුවියන් සඳහා යුද්ධ හමුදාවෙන් බැඩ්මින්ටන් තරඟාවලියක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින සංවිධානය කරනු ලැබු බැඩ්මින්ටන් තරඟාවලිය සඳහා කිලිනොච්චියේ ප්‍රමුඛ පෙළේ බාලක සහ බාලිකා පාසල් හතරක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකු ස්වේච්ඡාවෙන් සහභාගී වූහ.

උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති තරඟාවලිය සඳහා කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය, කිලිනොච්චි හින්දු මහා විද්‍යාලය සහ කිලිනොච්චි ශාන්ත තෙරේසා විද්‍යාලය නියෝජනය කරමින් වයස අවුරුදු 20 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

කිලිනොච්චි දිස්ත්‍රීක්කයේ පාසල් සිසු සිසුවියන් අතර බැඩ්මින්ටන් ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් 57 සේනාංකය සහ 571 බලසේනාව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී විය.

අවසන් තරඟාවලියෙන් අනතුරුව පැවැති ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රාදේශීය අධ්‍යාපන නිලධාරීන් වන බී වාසුදේවන් සහ එම් කාන්ත සෙල්වම් යන මහත්වරු, කිලිනොච්චි ක්‍රීඩා නිලධාරී අනුර කාන්තන් මහතා, 57 සේනාංකයේ සේනාංකාධිපති, 571 බලසේනාවේ බලසේනාධිපති, බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 57 සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් සහභාගි වූහ.